මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 256 ක් එක්වෙති


 

මිනුවන්ගොඩ කො⁣රෝනා පොකුරෙන් අද (23) පස්වරු 10.15 වනවිට තවත් ආසාදිතයන් 259 ක් හඳුනාගෙන තිබේ.

නිරෝධායනය මධ්‍යස්ථානවල සිටින කිසිවකු එම ආසාදිතයන් 259 දෙනාට ඇතුළත්ව නොමැති අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැලේ 39 ක් සහ ආශ්‍රිතයින් 217 ක් ඊට ඇතුළත් වෙති.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ සමස්ත ‍කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 865 දක්වා ඉහළ ගිය අතර මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3682 කි.