ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා කිසිදු දැනුම්දීමකින් තොරව එම තනතුරින් ඉවත් කිරීමට විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය බල මණ්ඩලයේ ලේකම් පද්මකුමාර අරංගල්ල මහතා පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මධ්‍යම කාරක සභාවට අද (02) ලිපියක් යවමින් දැනුම් දී ඇත.
මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායක ලෙස රුවන් රණතුංග මහතා පිළි නොගන්නා බවත්, ඔහු සමග දේශපාලනය කළ නොහැකි බවත් අරංගල්ල මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.
ප්‍රසන්න රණතුංග මහතා යළි මිනුවන්ගොඩ ආසන සංවිධායක ලෙස පත් කළ යුතු බව ද, එලෙස පත් නොකරන්නේ නම් තව දුරටත් පක්ෂයේ කටයුතු කිරීම ගැන නැවත සිතා බැලීමට සිදුවන බව ද ඔහු සඳහන් කර ඇත.

