ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී මෙල් ගුණසේකරගේ ඝාතකයින් සොයා ගැනීමට වෙහෙසෙන පොලීසිය නුගේගොඩ පොලිස් නිල සුනඛ අංශයේ පොලිස් සුනඛ රොකී ද මින් මද වේලාවකට පෙර බත්තරමුල්ලේ ඇගේ නිවසට රැගෙන ගියේය.
නිවසේ ඇය පමණක් සිටියදී එහි ඇතුළු වු සොරා හෝ සොරුන් මාධ්‍යවේදීනිය විසින් හඳුනාගන්නට ඇතැයිද ඒ නිසා ඇය මරා දමන්නට ඇතැයිද පොලීසිය සැක කරයි.
ගෙදර සිටි බල්ලන් නොබුරන්නට ඇත්තේ එහි ආ පුද්ගලයා ආගන්තුකයකු නොවන නිසා යැයි පොලීසිය කියයි.

