මිනී පෙට්ටිය පාරේ තියා පොලිසියට විරෝධය


පොලිස් වෙඩි පහරින් මියගිය ඉන්දික සුරේෂ් ජයසිංහගේ දේහය මිහිදන් කිරීමට රැගෙන යන අතර තුර මීරිගම කිතුල්වල හන්දියේ තබා ඔහුගේ ඥාතීහු මීට සුළු මොහොතකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹූහ.  මෙම ඝාතනය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්ගෙන් හා පොලිස්පතිගෙන් සාධාරණ පරීක්ෂණයක් ඔවුහු ඉල්ලති. පොලිසියේ කිසිවෙක් රාජකාරිය සඳහා පැමිණ සිටියේ නැත.