රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියදී මියගිය බුද්ධි චානක පියරත්න (29) ගේ දේහය ගාල්ල අකුරැස්ස මාර්ගයට රැගෙන ආ ගම්වාසීහු මහ මග හරස්කරමින් උද්ඝෝෂණයක නිරතවූහ. අකුරැස්ස මාර්ගයේ වායහන ධාවනයට ද බාධා ඇතිවිය. පොලීස් කැරළි මර්ධන ඒකකය ද එහි පැමිණියේය. පැය භාගයක පමණ උද්ඝෝෂණයකින් අනතුරුව ගම්වැසියෝ දේහය යළි නිවසට රැගෙන ගියහ. ඥාතීන් පවසන්නේ ඔහුගේ මරණයට පොලීසිය වගකිවයුතු බවයි.