මිනිහාගේ හිතවතාට මිනිහාගෙන් උදව්
බ්‍රසීලයේ අරායිල් දො කොබෝ මුහුදු වෙරළ තීරයට පැමිණි ඩොල්පින් මාළු රෑනක් නැවත මුහුදට තල්ලුකැර දැමීමට වෙරළේ සිටි සංචාරකයන් පිරිසකට හැකි විය. පසුගිය 5 වැනි දා උදෑසන 8ට පමණ 30 දෙනකුගෙන් සමන්විත ඩොල්පින් රෑන මුහුදු වෙරළ කරා පැමිණිමත් ඔවුන් බේරා හැරීමට සංචාරකයින් ක්‍රියා කළ අයුරුත් එහි සිටි තවත් සංචාරකයෙක් වීඩියෝ ගත කෙළේය.

