මිනිහගේ වේගය මිනිත්තුවකට වචන 120


විජේ සිං ඉන්දියා යතුරු ලේඛකයා ඔහුගේ ඇඟිලි දොළහෙන් මිනිත්තුවකට අකුරු සියයක් ටයිප් කරයි.

ඔහුගේ පාදයේද ඇඟිලි දොළහකි. ඔහු කියනුයේ තමාට ඉන්දියාවේ රැකියාවක් කළ නොහැකි බවයි.

ඊට හේතුව හාම්පුතුන් ලස්සන  හා ආකර්ශනීය කතුන් කෙරෙහි  කැමැත්ත පළ කිරීමයි.

පරිගණකයේ විස්කම් දක්වන්නකු වන ඔහු  රැකියා 50 කින් පමණ  ප්‍රතික්ෂේප වු විය. හොඳ රැකියාවක් සොයා ඔහු මහා බ්‍රිතාන්‍යට යාමට සැරැසෙයි.

සිං (48) උතුරු ඉන්දියාවේ අග්‍රා නුවර පදිංචි කරුවෙකි.වැඩිපුර ඇඟිලි ඇති අය වාසනාවන්තයින් ලෙස ඉන්දියාව සලකයි.

ලොව වේගවත්ම යතුරු ලේඛකයා මයිකල් ෂේස්ටෝව් ය.ඔහුට භාෂා 27 කින් ටයිප් කළ හැකියි.වේගය තත්පරයකට අකුරු17 කි.ෂෙස්ටෝව් යතුරු ලේඛනය ඉගෙන ගත්තේ රුසියාවේ යුද හමුදාවේ ලිපිකරුවකු ලෙසය.දිනකට පැය 8 ක් ඔහු ඒ කාර්යයේ නිරත වේ.