මිනිසාමයි ලොව තිරිසන් වන්නේ


ඇඟළුම් සේවිකාවක වන සිය තරුණ බිරිය හා පිරිමියකු සූරියවැව මදුනාගල කැලයකට බලයෙන් රැගෙන ගිය සැමියකු සිය මිතුරන් සමග එක්වී දෙදෙනාටම දස වද දී කාන්තාව රංචු ගැසී කෙළෙසී යැයි හුන්ගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඇය කෙළෙසූ අය අතර ඇගේ සැමියාද සිටින බවත් ඇය සමග කැලයට රැගෙන ගිය පුද්ගලයාගේ බිරිය විදේශ ගතවී සිටින බවත් පොලිසිය කියයි.

කැබ් රියකින් ඒ දෙදෙනා කැලයට රැගෙන ගොස් ඇතැයිද අසභ්‍ය වීඩියෝ පටයක් සමඟ තිදෙනකු අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය කියයි.

ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර ඇති බවද සැකකරුවන් වයස 22-25 අතර අය බවද පොලිසිය පවසයි.

තරුණිය රෝහල් ගත කර ඇති අතර ප්‍රධාන සැකකරුවන ඇගේ සැමියා අත් අඩංගුවට ගැනීමට සූරියවැව හා හුන්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.