මිනිසුන් පරිසරයට හා සමාජයට කරන විවිධ විනාශකාරි වැඩ නිසා වසරේ දින 365 ම පරිසරය හා සමාජය සුරක්ෂිත කිරිමේ දින ලෙස නම් කිරිමට සිදු වී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හලාවතදී අද (02) ප්‍රකාශ කළේය.
මුට්ටි කඩොල් පැළයක් සිටුවා ලෝක තෙත්බිම් දින ජාතික සැමරුම වෙනුවෙන් සකස් කළ සමරු ළුලකය ද නිරාවරණය කළ ජනපති තෙත්බිම් සත්වයන් හතරදෙනෙකුගේ රුව ඇතුළත් මුද්දර හතරක් ද එළි දැක්වීය.





