මිනිස්සුන්ගේ හැඟීම් නිර්මාණයකට ගොනු කරන පැතුම්


2016-11-29-ent-83

පිටපත් රචකයෙක් ලෙස කලාවට අවතීර්ණ වූ ඔහු ගීත රචනා, මියුසික් විඩියෝ වගේම වෙළෙඳ දැන්වීම් තුළින් කරළියෙහි පෙරළි කරමින් සිටියි. නවක නිර්මාණ ශිල්පියෙකු වුවද ඔහු තම ගීත රචනා නවක ගායකයන් මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පීන්ටද ලබාදී තිබෙන මෙම තරුණ ගීත රචකයා නමින් පැතුම් රණසිංහයි. ඔහුගේ කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ සමගින් මෙලෙසින් සංවාදයක නිරත විය.

 

ඔබව මුලින්ම හඳුන්වාදුන්නොත්?

2016-11-29-ent-82මම පැතුම් රණසිංහ. ගාල්ලේ ඌරගස්මන්දිය තමයි උපන් ගම

 

රැකියාවක් කරනවාද?

දැනට පිටපත් රචකයෙක් විදිහට ෆ්‍රීලාන්ස් වැඩ කරනවා. ගීත රචනය කරනවා.

 

පිටපත් රචකයක් ලෙස වැඩකටයුතු ගැන කිව්වොත්?

මියුසික් වීඩියෝ නිර්මාණ ආයතන සඳහා, මියුසික් වීඩියෝ, වාර්තා වැඩසටහන් පිටපත් රචනයෙන් දායක වෙනවා. දැනට මියුසික් වීඩියෝ 15ක් විතර සහ වාර්තා වැඩසටහන් දෙකක් කරලා තියෙනවා. ඩීවීඩී ෆිල්ම් එකක් ලිව්වා. ඒක ජනවාරි මාසේ රූපගතකරන්න නියමිතයි.

 

කරපු ගීත ගැන කිව්වොත්?

සිරස සුපර්ස්ටාර් ඉසුරු විතානගේ අයියගේ මේ දවස්වල නිතර ඇහෙන ‘හුරුපුරුදු හීනෙ’ කියන ගීතය ලිව්වෙ මමයි. දේශාන් හෙට්ටිආරච්චිගේ ‘ඔබ ගියත් දුර’, චම්පා රූපිකා අක්කගේ ‘හුස්මක් තරමට’, සුරේෂ් චන්ද්‍රිකාගේ ‘සමුගෙන ඔබෙන්’, රජිත බණ්ඩාරගේ ‘මේ තරම්’ ගීතය වගේ ගීත 15ක් විතර ලියලා තියෙනවා. ස.නි.ධ.ප සංගීත කණ්ඩායමේ ප්‍රසංග තිසේරා අයියට ලියපු ගීතය සහ ඩ්‍රීම් ස්ටාර් මංජු මහවත්තට ලියපු ගීතයක් ළඟදී එන්න තියෙනවා. විරුඳුවෙන් ජනප්‍රිය වුණු සහන් ජයශාන්ත අයියට දැන් ගොඩක් විරිඳු ලියන්නේ මම. එයාගේ සීඩී එකක් එන්න තියෙනවා ඉදිරියේදී. ඒකෙත් මම ලියපු විරිඳු දෙකක් තියෙනවා.

 

ඇයි මේ ක්ෂේත්‍රයට එක්වෙන්න හිතුවෙ?

ඒක මගේ පුංචි කාලේ ඉඳන් තිබ්බ ආසාවක්. දෙයක් ගැන නිර්මණශීලිව හිතන්න මං පුංචි කාලේ ඉඳලම ආසයි. මිනිස්සුන්ගේ හැඟීම් නිර්මාණයකට ගොනු කරන එක හරි අපූරු අත්දැකීමක්. ඒකට මං කැමතියි.

 

ඔබේ ඒ නිර්මාණ ගැන තෘප්තිමත්ද?

ඔව්, මං තාම පුංචි නිර්මාණකරුවෙක්. ඒ මං කරන නිර්මාණ ගැන තෘප්තිමත් නැත්නම් ඒවා සමාජයට යවන්නේ නැහැ. කරන හැම නිර්මාණයක්ම පුළුවන් උපරිමයෙන් කරන්න මං නිතරම උත්සහ කරනවා.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

වෙළෙඳ දැන්වීම් කිහිපයක පිටපත් රචනා සඳහා අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම නිර්මාණකරුවෙක් විදිහට පදනමක් ගොඩනගා ගන්න පුළුවන් විදියේ හොඳ ගීත නිර්මාණ කිහිපයක් කරන්න ඉදිරියේදී අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ වැඩ කටයුතු ටික හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

උදවු කරපු පිරිසක් ඇති නේද මතක් කරන්න?

ඔව්, පුංචි කාලේ ඉඳලම මාව ආදරයෙන් රැකගත්ත මගේ ආදරණීය මගේ අම්මා ඇතුළු පවුලේ හැමදෙනාම. විරිඳු සහන් අයිය, දුලිප් මිරන්ඩො අයියා, ටීවී දෙරණ නිවේදක තිසංක අයියා, තුසිත් අයිය සහ මං ගැන විශ්වාසේ තියලා නිර්මාණ කරන්න බාර දුන්නු ශිල්පීන් හැමදෙනාටම. මට වචනයකින් පවා උදවු කළ හැමදෙනාම ආදරෙන් මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත