මිනිස් බළ ප්‍රශ්නය සුව සේවය ලෙඩකරන ලකුණු


ශ්‍රී ලංකාවේ හැම රෝහලක ම ගොඩනැගිලි ඉදිවන බවත්, උපකරණ ද ලැබෙන බවත් කී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ සුළු සේවකයාගේ සිට දොස්තර දක්වා සියළු දෙනාගේ හිඟයක් පවතින බවයි. දක්ෂිණ සුව විරු අභිෂේක උළෙලේ දී ඒ මහතා මේ බව කීයේය. මේ ප්‍රශ්නයට වහා විසඳුම් නොලැබුණහොත් නොමිළේ සපයන සුවසේවය ගැන අභිමානයෙන් කතා කිරීමට නොහැකිවන බව සෞඛ්‍ය ඇමති කියය. මේ සම්මාන උළෙලේ දී දකුණු පළාතේ හොඳම ප්‍රාදේශීය ‍රෝහල ලෙස බඳගිරිය රෝහලත් හොඳම මූළික රෝහල ලෙස බළපිටිය රෝහලත් සම්මාන ලැබීය.