මිනිස් තිරිසනා අල්ලන්න ග්‍රේරෝ කිලෝමීටර දෙකක් දුවයි


අම්බලන්ගොඩ සිට කහතුඩුව කිරිගම්පමුණුවේ දියණියගේ ගෙදරට යමින් සිටි මවක (65) වෙල් යායකට රැගෙන ගොස් දූෂණය කළ බව කියන පුද්ගලයකු සොයා ගැනීමට පොලිස් සුනඛ ග්‍රේරෝගෙන් සෑහෙන උදව්වක් ලැබිණි.

ලේ තැවරුණු සායක ඉව ඔස්සේ කිලෝ මීටර් 2ක් ගිය ග්‍රේරෝ යකඩ බඩු තිබූ ස්ථානයකට ඉව අල්ලා එතැනින් තවත් නිවසකට ද එතැනින් පාළු ගෙයකට ද ගොස් නතර වෙයි.

ඉන්පසු ඒ අසල තවත් ගෙයකට ගියේය. එහි මිදුලේ රෙදි වැලේ තිබූ තෙත රෙදි කිහිපයක් පිරිමියකුගේ බව දැනගත් පොලිසිය ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වයි.