රත්නපුර නගර මධ්‍යයේදී ප්‍රසිද්ධියේ තමන්ට අමානුෂික අන්දමින් පහරදුන් බව කියන රත්නපුර පොලිස් සැරයන්ගෙන් රුපියල් කෝටි 5 ක වන්දි ඉල්ලා දෙදරු මවක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන් ප්‍රසන්න තිසේරා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නේය.
මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අධිකරණයෙන් නියෝග කෙරිණි.
මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා මෙම දෙසැම්බර් 18 වැනිදින අධිකරණය හමුවේ කැඳවන ලෙසද නියෝග කෙරිණි.

