තමාට සිදුවූ කායික මානසික පීඩනය හා අපහාසය වෙනුවෙන් කෝටි පහක වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලමින් රත්නපුර බස් නැවතුම්පොළේ දී පොලිස් සැරයන්වරයකුගෙන් පහර කෑ බව කියන වීරසිංහ ආරච්චිලාගේ කාන්තිලතා හෙවත් බට්ටී අද නීතිවේදී ලක්ෂාන් ඩයස් මහතා මාර්ගයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.
පහර දුන් සැරයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඇගේ පෙත්සමෙන් ඉල්ලා සිටී.
පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ නීතිපති ඇගේ පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.

