
(දයාසීලි ලියනගේ)
පවතින පහසුකම් මත ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් මැන අවසන් කිරීම සඳහා වසර 40ක කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා ඇත.
මේ ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා උපාධිධාරී රැකියා ලබා සිටින අය අතර මිනින්දෝරු අංශයෙන් උපාධිය ලබාගත් 700ක් පමණ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර මිනින්දෝරු හිඟයට පිළිතුරක් ලබාදෙන ලෙසට යෝජනා කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා කීය.
මීට අමතරව උපාධිධාරී පත්වීම් ලබාසිටින බහුතරයක් තමන් ඉගෙනගත් විෂයට අදාළ නොවන රැකියා ක්ෂේත්‍රවල සේවය කරන නිසා මේ සියලු දෙනා ඔවුන් ඉගෙනගත් විෂයධාරාවට අදාළ සේවාවන්වල යොදවන ලෙසත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවද සම්පත් අතුකෝරල මහතා ප්‍රකාශ කළේය.
එම වැඩපිළිවෙළ යටතේ මිනින්දෝරු විෂයට අදාළ පුද්ගලයන් ඒ සේවාව සඳහා යෙදවීමෙන් ඉඩම් මැනීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයිද අතුකෝරළ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

