අපරාධකරුවකු මිනිත්තු තුනකින් හඳුනා ගැනීමේ නව තාක්ෂණය කුලියාපිටිය දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී අද මුල්වරට හඳුන්වා දෙනු ලැබීය.
කොළඹ ටොරින්ටන් පෙදෙසේ අපරාධකරුවන්ගේ ලේඛනාගාරයේ තොරතුරු ස්වයංක්‍රීයව පොලීසිවලට හා බැංකු වැනි ආයතනවලට ලබා දීමේ ක්‍රමය හඳුන්වා දෙන දකුණු ආසියාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාවයි.
මෙම තාක්ෂණය හිමි කැර ගැනීම සඳහා පොලීසියට රුපියල් කෝටියක් වැය වි ඇත.
අපරාධකරුවන් පන්ලක්ෂයකගේ ඇඟිලි සලකුණු පොලීසිය සතුය.
මීට පෙර එවැනි සලකුණක් හඳුනාගැනීමට දෙසතියක් පමණ ගත වයි.
ජපානයෙන් මෙම තාක්ෂණය ලබා ගත්තේ නම් වැය වන මුදල රුපියල් අසු කෝටීයකියි දැනගන්නට ඇත.

