‘‘මේ සිංහලද්වීපයේ භාරකාරයා වශයෙන් කළයුතු දේ හා නොකළ යුතුදේ ඔබතුමා තීරණය කළ යුතුයි’’
‘‘බුද්ධදාස විතානආරච්චි’’ ප‍්‍රවීණ රංග ශිල්පියා එලෙසින් පවසන්නේ මේ දිනවල තිරගත වන තුසිත විජයසේනගේ නිෂ්පාදනයෙන් චත‍්‍ර වීරමන්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වන ‘‘ආලෝකෝ උදපාදි’’ චිත‍්‍රපටයේ කුපික්කලතිස්ස හිමියන්ගේ චරිතයට ප‍්‍රවේශ වෙමිනි.
‘‘කුපික්කලතිස්ස මහ රහතන් වහන්සේ එලෙස පවසා ඇත්තේ වසර 2100ට පෙරදීය. ඒ අතීතයේදී එළෙසින් පැවසූයේ වළගම්බා රජුහට යැයි සඳහන් වේ.’’
ඒ අතීත චරිත සමඟ නිර්මාණයවූ ආලෝකෝ උදපාදි චිත‍්‍රපටය මේ දිනවල තිරගත වෙයි. ඉතිහාසයේ රසය රැුගෙන ‘‘කුපික්කලතිස්ස’’ හිමියන්ගේ චරිතයට වත්මනෙහි ජීවය කවන බුද්ධදාස විතානආරච්චි ප‍්‍රවීණ රංග ශිල්පියා අපට හමුවූ මොහොතකි මේ.
මේ චරිතය හැර මේ දිනවල ඔබ දායක වන අනෙකුත් චරිත ගැන සඳහනක් කළෙත්?
පසුගිය දිනවල ‘මහරජ ගැමුණු’, ‘අඳුරු සෙවනැලි’ විකාශය වුණා. මේ දිනවල තුසිත ද සිල්වාගේ ‘සොඳුරු දඩයක්කාරයා’ නමැති වෙනස් තේමාවක් රැුගත් අපූරු නිර්මාණය ස්වාධීන රූපවාහිිනියේ විකාශය වනවා. ඊට අමතරව ආදර කතාවක් වන ‘නිසල සඳ ඔබ’ හිරු ටී.වී. දිනපතා රාත‍්‍රි 9ට විකාශය වෙනවා. ඊට අමතරව නැවත විකාශය වන නාට්‍යය කීපයකුත් මේ දිනවල විකාශය වෙනවා.
ඇයි නැවතත් හාමුදුරුනමකගේ චරිතයක් රඟපාන්නේ? ඊට කලිනුත් අපි නිරන්තරයෙන්ම වගේ හාමුදුරු චරිත වෙතින් හමුවුණා. එහෙම නේද?
මහරජ ගැමුණු චිත‍්‍රපටයේ මහාසිව මහරහතන් වහන්සේ ලෙසත් ඇහැලේපොළ කුමාරිහාමි චිත‍්‍රපටයේ වාරියපොල සුමංගල හිමි ලෙසත්, දැන් මේ චිත‍්‍රපයේ කුපික්කලතිස්ස හිමි ලෙසත් රඟපෑමට ලැබුණා. මේ චරිත ඉතිහාසයේ සුවිශේෂ වූ හිමිවරුන්ගේ චරිත ලෙස හඳුන්වන් පුළුවනි. එම නාම අනාගතයටත් උරුම වූ ඉතිහාසයේ ජාතියට පණක් දුන් සුවිශේෂි චරිත තුනක්. ඒ නිසා කැමත්තෙන් කළා. ඒ හැරත් මගේ වාසනාවට මේ චිත‍්‍රපට තුනම නිර්මාණය වුණේ එකම සමයක. ඉතින් හිස බූගාන ප‍්‍රශ්නය නිරන්තරයෙන් ආවෙත් නැහැ.
ඉදිරිටයත් හාමුදුරුවන්ගේ චරිත රඟපෑමට ද සුදානම?
ඉතිහාසයේ තවත් සුවිශේෂි වූ හිමිනමකගේ චරිතයක් වන මිගෙට්ටුවත්තේ හිමිගේ චරිතයත් ලැබුණා. ඒත් කොයි හැටි වෙතත් මම මේ චරිතය බාරගන්නේ නැහැ. මොකද කොහොම කළත් එවිට චරිත රාමුවකට කොටු වෙනවා. ආයේ ජීවිතේට මම භික්ෂූ චරිත රඟපාන එකක් නැහැ.
හේතුව?
මේවා සැබැවින්ම බොහෝම සමතල රංගනයෙන් කළ යුතු චරිතයි. බණක් කියයි. එක්කෝ පිරිතක් කියයි. ඒ හැර විශේෂ රංග කාර්යයක නියැලීමේ අවකාශ අඩුයි.
වඩා කැමති මොන වගේ චරිත රඟපාන්නද?
මේ දක්වා කළ රංගනයන් හිදී විවිධාකාරවූ චරිත රඟපෑමට අවකාශය ලැබුණා. ඉතින් ඕනෑම මනුෂ්‍ය චරිතයක් කරන්න මම සුදානම්.
මොන චරිතය රඟපෑවත් අදටත් වැඩිදෙනා ඔබ ගැන මතක අවදි කරන්නේ ‘‘දඬුබස්නාමානයේ’’ සේතුපාල ගුරුන්නාන්සේගෙ චරිතය ගැන නේද? ඇයි ඒ චරිතයට එහා යන තවත් චරිත කළ නොහැකි වුණේ?
ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණාත්මක අධක්ෂණයට, රචනයට මෙන්ම එහි අනෙකුත් සෑම ශිල්පියකුගේම දායකත්වය අතිශ්‍යායින්ම ප‍්‍රබල වුණා. මා එහි තවත් එක් චරිතයක් විතරයි. එහි සෙසු සියලූ චරිත තීව‍්‍ර වුණා. එය සමස්ත දායකත්වය සහ අධ්‍යක්ෂණය සමඟ අපූරුවට සංකලනය වූ නිර්මාණයක්.
ඒ සියලූ භූමිකා අතරේ ඔබගේ ගෙදර භූමිකාව මොන වගේද?
ඇත්තෙන්ම හරිම සන්තෝෂයි කියන්න. මට කිසිම පසුතැවිල්ලක් නැහැ. නව යොවුන් වියේදීම ඇතිවූ ප‍්‍රථම පේ‍්‍රමයෙන්ම විවාහය සිදුවුණා. දූලා දෙදෙනයි, පුතයි අපි දෙන්නාගෙ කැදැල්ලට ආවා. මගේ පොඩි දූ සුලෝචනා සහ පුතා සිද්ධාර්ථ රූපවාහිනිය හා බැඳී සිටියා. ලොකු දුව ප‍්‍රියංවදා. මගේ බිරිඳගේ නම හේමමාලී. අපට කෞෂල්‍යා, කේතකී, නව්‍යා නමින් මිනිබිරියන් තිදෙනයි. සපුමල්, අචින්ත්‍ය රාවන්, නවිඳු රාහුල් නමින් මුනුබුරන් තිදෙනයි. මගේ ඒ පවුල ගැන ඇත්තෙන්ම මම නිහතමානීව ආඩම්බර වෙනවා. දුලා දෙන්නා වගේම විශේෂයෙන්ම මගේ පුතා ලක්ෂයකින්වත් හොයාගන්න බැරි තරම් ඉතා ගුණයහපත් පුතෙක්. මේ සියලූ දේ එක්ක ජීවිතය ඉතා සතුටින් මෙන්ම අරුත්බරව ගතකරන බව කියන්න පුළුවනි. එය අතිශයෝක්තියකින් කියාපෑමක් නොවෙයි. ජීවිතයේ කිසිවක් නිසා හිස උදුම්මාගත් චරිත විය යුතු නැහැ. සමාජයට ගරුකරමින් ජීවත්වීම අපේ පරමාර්ථයයි.
සඳුන් ගමගේ

