මින්නේරිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා එම සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා 2009 වසරේ සිට මින්නේරිය ආසනයේ ශ්‍රී.ල.නි.ප ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.
අතිශ්‍ය පෞද්ගලික හේතුවක් නිසා ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, ඉදිරියේදීත් ශ්‍රී.ල.නි.ප ක‍්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස තමන් කටයුතු කරන බවත් සූරියආරච්චි මහතා පවසයි.
එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී.ල.නි.පය ජයග‍්‍රහණය කරවීම සඳහා ඇප කැප වී කටයුතු කරන බව ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

