(අප්සරා යෝෂිත්)
මා එනවිට සෙනඟ එනවා. සෙනඟ දුටුවාම මේ රජය මැතිවරණ මාසයක් දෙකක් කල්දානවා. ප‍්‍රාදේශීය සභා මැතිවරණ කල්දමමින් පවතිනවා. පළාත් පාලන ආයතනවල කටයුතු ඉටුවීම ප‍්‍රමාදවී තිබෙනවා. ඒ නිසා මින්පසුව මා එනවිට සෙනඟ ගේන්න එපා යැයි හිටපු ජනපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා රත්නපුරදී පැවසුවේය.

අගමැතිතුමා විදේශවල රැස්වීම්වලදී කියන්නේ අපට හම්බන්තොට හොඳ වරායක් තිබෙනවා. එන්න කර්මාන්ත ශාල දාන්න ඉඩම් තිබෙනවා කියා. හැබැයි ලංකාවට ආවම ඒ වරාය ලොකේ ලොකුම පිහිනුම් තටාකය. මා සතුටු වෙනවා මා එය හදා තිබූ නිසයි ඔහු ගිහින් ආයෝජකයන්ට කියන්නේ.
රත්නපුර පරණ වෙරළු පාර පිහිටි පොදු ජන පෙරමුණ රත්නපුර දිස්ත‍්‍රික් මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවදී ජනතාව අමතා මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ පැවසුවේය.

