මිද්දෙණිය රෝහලට හිමිනමගෙන් වාට්ටුවක්


මිද්දෙණිය ග්‍රාමීය රෝහලේ නව වාට්ටු සංකීරණ දෙකක් ඉදිකිරීමට මුල්ගල තැබිණි. 

ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා පැරිස් නුවර ජේතවනාරාමාධිපති  මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් ගොඩනැඟෙන මෙම නව වාට්ටු සංකීර්ණයේ නේවාසික කාන්තා හා පිරිමි රෝගීන් 40 දෙනකුට ඉඩ පහසුකම් සැලසේ., භික්ෂූන්වහන්සේ නමකට හා මෙහෙණින්වහන්සේ නමකට ද වෙන වෙනම නේවාසිකව ප්‍රතිකාර ගැනීමේ පහසුකම් ද එහි ඇත. 

මෙම වාට්ටුව "රණවිරු සමරු වාට්ටුව" නමින් නම් කිරීමට ද නියමිතය.

මෙම වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට සිවිල් ආරක්ෂක බළකායේ ශ්‍රම දායකත්වය ලබා වසරකින් වැඩ අවසන් කිරීමට ද නියමිතය.

DSC01599-(1) DSC01601 DSC01604