සනත් ජයසූරිය කි‍්‍රකට් පදනම විසින් වයස අවුරුදු 12 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ සහ 17 න් ඉහළ පිරිමි කණ්ඩායම් වෙනුවෙන් සංවිධානය කරනු ලබන මිත‍්‍රත්ව කි‍්‍රකට් තරගාවලිය අද (23) සහ හෙට (24) දෙදින යාපනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම තරගාවලිය යාපනයේ ශාන්ත ෆැට්‍්‍රක් විද්‍යාලය, යාපනය මධ්‍ය මහා විද්‍යාලය, හින්දු විද්‍යාලය සහ ස්කන්දා විද්‍යලය යන විදුහල් කී‍්‍රඩාංගණ වලදී පැවැත්වේ.
තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානෝත්සවය හෙට (24 වැනි ඉරිදා) ප. ව. 4 ට යාපනය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ. මෙම ත්‍යාග ප‍්‍රධානෝත්සවය සඳහා සනත් ජයසූරිය කි‍්‍රකට් පදනමේ සභාපති මෙන්ම ජාතික කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති වරයාද වන සනත් ජයසූරිය, යාපනයේ ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, ලූතිනන් කර්නල් හරේන්ද්‍ර වීරසිංහ, ලූතිනන් කර්නල් සමිත ඉමදුම යන මහත්වරුන් සහ උතුරු පළාත් කි‍්‍රකට් පුහුණුකරු හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක රවින්ද්‍ර පුෂ්පකුමාර මහතාද සහභාගීවීමට නියමිතය.