මිතුරු සංගමෙන් සතුරෙක් මතුවේ


වේන්නප්පුවේ ශුද්ධ වු පවුලේ ප්‍රාථමික බාලිකා විදුහලේ ඉදිවන මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලට ආධාර පිණිස වේරෝනා නුවර සංගීත ප්‍රසංගයක් පැවැත්විණි. වේරොනා වේන්නප්පු මිත්‍රත්ව සංගමය පැවැත් වු මෙම ප්‍රසංගය සඳහා සවස 6 සිට රාත්‍රි 10.30වන තෙක් ඉතාලි පොලිසියේන් අවසර ලබාගෙන තිබිණි. එහෙත් පැමින සිටි අති විශාල පිරිසකගේ දැඩි ඉල්ලිම මත තවත් විනාඩි 15ක් අවසරයකින් තොරව ප්‍රස0ගය ඉදිරියට ගෙනයැමට සංවිධායකයෝ ක්‍රියා කළහ. අවසාන විනාඩි කිහිපයේ එම ස්ථානයට ලගා වු ඉතාලි පොලිසිය සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහාතාට පසුදින පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබේ. පොලිස් නිළධාරින් කිව් දෙයින් තමා මහාත් සේ පුදුමයට පත් වු බව ඩික්සන් මහතා කියයි. ඉපදුනු රටට උදව් කරන එක හොද දෙයක්,ප්‍රසංගය විනාඩි 15ක් නිති විරෝදිව ඉදිරියට පවත්වනවා කියලා අපිට දෙපාරක් දුරකථන ඇමතුම් දුන්නෙත් ඔබගෙ රටෙ කෙනෙක්. නිතිය කාටත් පොදුයි. යුරෝ 635ක (රුපියල් 107950) දඩ මුදලක් ගෙවන්න ඔබට සිදු වෙනවා. පොලිස් නිළධාරින් එසේ කියමින් යුරෝ 635ක දඩ කොලයක් ඩික්සන් මහතාට ලබා දුන්නේය. අපේ ප්‍රසංගය බලන්න ඇවිත් අපිත් එක්ක එකට විනෝද වුණු කෙනෙකුම තමයි පොලිසියට කොල් කළේ. මම මගේ අතින් දඩය ගෙව්වා. සංගමයේන් පවත්වපු ඒ ප්‍රසංගයේන් ලැබුණු රුපියල් ලක්ෂ අටක් අපි පාසලට දුන්නා.‘ ඩික්සන් මහතා එසේ පැවසිය.