මිතුරා මුද්ද සමග මාරු


කළුතර නාගොඩ රෝහලේදී මිත්‍ර වූ රෝගියකු ආරක්ෂාව සඳහා දුන් රුපියල් ලක්ෂයක මුදුවක් උකස් කළැයි කියන සුබ්‍රමණියම් නැමැත්තෙක් කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා විසින් ලබස 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ශල්‍යකර්මය සඳහා ශල්‍යාගාරයට ගෙන ගිය රෝගියකුගේ මුද්ද බාර ගත් පුද්ගලයා වාට්ටුවෙන් ද අතුරුදන් වූ බව පොලීසිය උසාවියට දැන්වීය.

මුද්ද මොරටුවේ උකස් මධ්‍යස්ථානයකින් සොයා ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.