මිතුරන් දෙන්නා බීල කරගත් දෙයක්


කටුගස්තොට ගොහාගොඩදී වක් පිහියකින් පස් පොළකට ඇන තම මිතුරාට බරපතල තුවාල සිදුකළ බව කියන තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි.

බහින්බස් වීමක් දුර දිග ගොස් මේ පිහි ඇණුම සිදුවී ඇති බවත්, පිහි ඇණුම් කෑ තරුණයාගේ ත්‍රී රෝද රිය ද ගිනි තබා විනාශ කර ඇති බවත්, දෙදෙනා බීමතින් සිටියේදැයි පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය පවසයි.