බි‍්‍රතාන්‍ය සහ ශී‍්‍ර ලංකාව අතර වසර 15කට පසු යළි සෘජු ගුවන් සේවා අරඹමින් බි‍්‍රතාන්‍ය ගුවන් සේවයේ බී.ඒ 2043 ගුවන් යානය බි‍්‍රතාන්‍යයේ ගැට්වික් ගුවන්තොටුපොළේ සිට මාලේ ඔස්සේ අද (15) කටුනායකට පැමිණියේය.
ගුවන් යානා කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් 77 දෙනෙක් එහි වූහ. බි‍්‍රතාන්‍ය ගුවන්සේවයේ එකම ශ‍්‍රී ලාංකික ගුවන් නියමුවා වන කපිතාන් කිරන් මැදිවක මහතා යානය පැදැවීය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද අමුත්තන් පිළිගැනීමට පැමිණ සිටියේය.
ගුවන් නියමු කිරන් මැදිවක මහතා දින කිහිපයක් මෙරට සිටීමට බලාපොරොත්තුව පැමින සිටි බැවින් ආගමන විගමන නිලධරයන් ඔහුට ශ‍්‍රී ලංකාවේ රැදී සිටීමට හැකිවන පරිදි වීසා බලපත‍්‍ර දුන්හ.
බි‍්‍රතාන්‍ය ගුවන්සේවය ඉරිදා, බදාදා සහ සිකුරාදා වශයෙන් සතියකට ගමන්වාර 03ක් මාල දිවයින හරහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙයි.
ශී‍්‍ර ලංකාව සහ බි‍්‍රතාන්‍ය අතර මිත‍්‍රශී‍්‍රලිත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ආර්ථික සබදතා වැඩිදියුණු කර ගැනීමට මෙම බි‍්‍රතාන්‍ය ගුවන් ගමන් ඉවහල්වනු ඇතැයි එම අවස්ථාවට ප‍්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඉකුත් වසර තුළ ශී‍්‍ර ලංකාවට බි‍්‍රතාන්‍ය සංචාරකයින් 114,214ක් පැමිණි ඇති බවත් එය දෙවනු වනු ලැබුවේ ඉන්දිය සංචාරකයින්ට පමණක් බවද කීය.
ප‍්‍රධාන ගුවන් නියමු කිරන් මැදිවක මහතා පැවසූවේ ලෝකයේ බොහෝ රටවලට ගුවන් යානා පදවා ඇතත් ශ‍්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම පිළිබඳව ශ‍්‍රී ලාංකිකයෙකු වශයෙන් තමන් ආඩම්බර වන බවයි. එමෙන්ම තමන් ශ‍්‍රී ලංකාවටත් ශ‍්‍රී ලාංකීය ජනතාවටත් බෙහෙවින් ආදරය කරන බවද හේ කීය.