මිණිපුර සීවලියට හැටලක්ෂයක කැන්ටිමක්


රත්නපුර හිදැල්ලන සීවලී මැදි මහ විදුහලේ තුන්දහස් පන්සීයක් පමණ සිසුන් වෙනුවෙන් රුපියල් හැටලක්ෂයක පමණ වියදමින් නවීන පහසුකම් සහිත  අවන්හලක්  විදුහල්පති කමල් ආරියසිංහ මහතා අද (12) විවෘත කළේය.

පාසල් සංවර්ධන සමිතිය ,ආදී ශිෂ්‍ය සංගමය පළාත් සභා මන්ත්‍රීවරු හා පරිත්‍යාගශිලීහු බරපැන දැරුහ.

තෙමහල් ගොඩනැගිල්ලේ බිම් මහලේ මුළුතැන් ගෙයද පළමු මහලේ  සිසුන් 50 දෙනකුට එකවර කෑම ගැනීමේ පහසුකම්ද ඇත.

SAM_0003 SAM_0014 SAM_0029 SAM_0039