බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් ජේ කරුණාසේන වහාම කොළඹ ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට වහාම මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඌව පළාත් ඡන්දය පැවැති පසුගිය 20 වැනි දා බණ්ඩාරවෙල පොලිසියේ දී බණ්ඩාරවෙල නගරාධිපතිට පහර දී තුවාල කළැයි සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනකුට එරෙහිව පැමිණිලි කර තිබිණි.
නගරාධිපතිට පහර දුන් බව කියන කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ පොලිස් ස්ථානාධිපති මාරු කිරීමට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

