මෑන්පවර් සේවකයෝ උද්ඝෝෂණයක


 සේවය ස්ථීර කරන්නැයි  පවසමින් ටෙලිකොම් ආයතනයේ  මෑන් පවර්ස් සේවකයෝ  1500ක් පමණ  නුවර කොළඹ පාරේ යක්කල වීදීයවත්තෙන් උද්ඝෝෂණයක් ඇරැඹුහ.

ඔවුන් පා ගමනින් කොළඹ ටෙලිකොම් කාර්යාලය අසලට පැමිණිමට නියමිතව සිටියේය.

 මැතිවරණ සමයේ පාගමන් යෑමට ඉඩ දිය නොහැකි බව  එතැණට පැමිණි ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා කීවේය.

(ඡායාරූප තිලකරත්න දිසානායක)

20141229_111249 20141229_120427