ටෙලිකොම් මෑන්පවර් සේවකයන්ගේ සංගමයේ උප සභාපති එම් එස් මංගල මහතා ආගිය අතක් නැතැයි කියමින් ඔහුගේ බිරිය පැමිණිල්ලක් කළ බව පිළියන්දල පොලිසිය කියයි.
කොළඹ කොටුවේ ටෙලිකොම් ආයතනය අසල උපවාසියේ නිරත වූ මංගල මහතා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී නිවසට පැමිණෙන බව කියමින් එම ස්ථානයෙන් ගොස් ඇති බවත්, එතැන් පටන් ඔහු ගැන තොරතුරක් නැති බවත් බිරිය කළ පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පවසයි.

