( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මෑන් පවර් සේවකයින් ස්ථිර සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් මූලස්ථානය ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණයට එරෙහිව කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන අපේ‍්‍රල් 04 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු හත්දෙනෙකුට අභියාචනාධිකරණය අද (23) නොතීසී නිකුත් කළේය.
එම උද්ඝෝෂකයින් සම්බන්ධයෙන් කර ඇති පැමිණිලි හා ඊට අදාළව සිදු කර ඇති විමර්ශන වල වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද එම වගඋත්තරකරුවන්ට නියම කෙරිණි.
සිය ආයතනය ඉදිරිපිට ආයතනයේ කටයුතු වලට බාධාවන අයුරින් උද්ඝෝෂණ පැවැත්වීමට එරෙහිව සිදු කළ පැමිණිලි සම්බන්ධයෙන් පොලීසිය විසින් නිසි විමර්ශන සිදු කර නැති බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ගොනු කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙලෙස නියම කැරිණි.

