රැකියා අහිමි කරන ලද සංස්කෘතික අරමුදලේ සේවකයෝ අද බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවූහ.
කොන්ත්‍රාත් පදනම මත සේවයක කළ සියලු සේවකයින් මධ්‍යම සංස්කෘතික අරමුදලට බඳවාගන්නා ලෙස ඔවුහු ඉල්ලති. වසර 3කට අධික කාලයක් සේවය කළ සේවකයන් යහපාලනයෙන් මහපාරට දමා ඇති බවත් මෑන් පවර් සේවකයින් ස්ථිර කිරීමේ මැතිවරණ පොරොන්දුව ඉටුකරන ලෙසත් බලකරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.




