රංජන් කස්තුරි
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සේවය කරන මෑන් පවර් සේවකයන් අදියර හතරක් යටතේ එම සමාගමට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
එම සේවකයන් බඳවා ගතහොත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට වසරකට රුපියල් කෝටි 160ක පමණ අතිරේක වියදමක් දැරීමට සිදුවන නමුත් සානුකම්පිත පියවරක් ලෙස ඔවුන් ටෙලිකොම් සමාගමට බඳවා ගැනීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ඒ අනුව එම සේවකයන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලා 2017 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ ඔවුන් බඳවා ගැනීමට නියමිතය.

