මෑන් පවර් පිරිස පවර් පෙන්වති


රාජ්‍ය ආයතන රැසක සේවය කරන ‘මෑන්පවර්‘ සේවකයින්ගේ  සේවය ස්ථිර  කරන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණයක්  කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී  අද (04) පස්වරුවේ පැවැත්විණි.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිය මුදල් අමාත්‍යංශය වෙත පැමිණි  උද්ඝෝෂකයෝ  ලේක්හවුස් වට රවුමෙන් කොටුව දෙසට මාර්ග අවහිර කිරීමෙන් පැය දෙකකට ආසන්න කාලයක් ගමනා ගමනයට බාධා කළහ.

ලංකා විදුලිබල මණ්ඩලය,රාජ්‍ය බැංකු,ටෙලිකොම් ,වරාය,ගුවන් තොටුපොළ,ජල සම්පාදන මණ්ඩලය,සංස්කෘතික ත්‍රිකෝණය,රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව,මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක සේවකයෝ මේ උද්ඝෝෂණයට සහභාගී වුහ.

 

 DSC_2074 DSC_2117 DSC_2232 DSC_2326 DSC_2359 DSC_2364 DSC_2369 DSC_2380 DSC_2385 DSC_2422