මැලේසියාවේදී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කළාට දෙදෙනකු සැකපිට අත්අඩංගුවට


ශ්‍රී ලාංකිකයකු මැලේසියාවේදී ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් ලාංකිකයකු (27) හා ඉන්දීය ජාතිකයකු (30) එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි පවසයි.

සැකකරුවන් එක්ව ඉකුත් බ්‍රහස්පතින්දා ක්වාලාලම්පූර් නුවරට තදාසන්න පදාන්ග් බුලුහ්  ප්‍රදේශයේදී සිය මිත්‍රයෙකු වන 49 හැවිරිදි තවත් ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර එම ප්‍රදේශයෙන්  පළා ගොස් ඇතැයි සැක කරයි.

ඝාතනයට ලක් වූ ලාංකිකයා එරට සේවය කරමින් සිටි අයෙකු වන අතර ඔහු ඝාතනය වීමට මොහොතකට පෙර  සිය බිරිඳ සමඟ අන්තර්ජාල වීඩියෝ දුරකථන ඇමතුම් හරහා කතාබස් කරමින් සිටින අවස්ථාවකදී සැකකරැවන් දෙදෙනා ඝාතනයට ලක්වූ තැනැත්තා ගේ නවාතැන්පොළට පැමිණෙන අයුරු දැක තිබූ ඔහුගේ බිරිය විසින් මේ බව මැලේසියානු පොලීසියට දැන්වීමේ පසුව මෙම ඝාතනය ඔවුන් විසින් සිදු කර ඇතැයි සැක මතුවී ඇත.