මැලෙසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණෙමින් සිටි මැලේසියානු ගුවන් සේවයට අයත් එම්එච් 179 දරන ගුවන් යානය තාක්ෂණික දෝෂයක් නිසා ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළ වෙත ආපසු හරවා යවා ඇත.
ඊයේ(17) රාත්‍රී 10.10ට ගමන් ඇරඹූ එම යානයේ උප විදුලි පද්ධතිය ක්‍රියා විරහිත වීම යානය ආපසු කැඳවු බව නිව් ස්ට්‍රේට්ස් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. සාගර කලාප හරහා යානය පියාසර කිරීමේදී අමතර බලයක් සැපයීම සඳහා එම පද්ධතිය අවශ්‍ය වෙයි. යානය ක්වාලාලාම්පූර් ගුවන්තොටට අළුයම 1.50ට ළඟා වී ඇත.
“බණ්ඩාරනායක ගුවන් තොටුපල අලුත්වැඩියා කටයුතු සඳහා වසා දමා ඇති හෙයින් හදිසි ගොඩබැමක් සිදු කළ නොහැකි විය. එනිසා මගීන් ක්වාලාලාම්පූර් ගුවන්තොටුපල ආසන්න හෝටල්වල නවාතැන් ගැන්වීය. ක්වාලාලම්පූර් සිට 3.30ට පිටත් වන යානයකින් ලංකාවට පැමිණීමට මගීන්ට පහසුකම් සලසා ඇත.සිදුවූ ප්‍රමාදය සම්බන්ධයෙන් මැලේසියානු ගුවන් සේවය මගීන්ගෙන් සමාව ඉල්ලා සිටී “යැයි එම ආයතනය නිවේදනයක සඳහන් කර තිබිණි.
- 042

