(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ මැලේසියාවේ මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (16) හමුවිය.
දෙරට අතර ආර්ථික, සංස්කෘතික සහ සංචාරක සබඳතා වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කළහ.
මහ කොමසාරිස්වරයා දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවයට මැලේසියාවේ කැපවීම යළිත් තහවුරු කළේය.
ආයෝජන අවස්ථා, විදුලි සංදේශ සහ මෝටර් රථ එකලස් කිරීම වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව සහ මැලේසියාවේ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, අග්නිදිග ආසියාව සහ මධ්‍යම ආසියාවේ අධ්‍යක්ෂ ජනරාල් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සහ තිළිණි ඉහළගේ මහත්මිය ශ්‍රී ලංකා දූත පිරිසට එක්ව සිටියහ.