මැලේසියාවේ සිට ශ‍්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච් 179 දරණ ගුවන් යානයේ ශ‍්‍රී ලාංකිකයෙකු කලහකාරී ලෙස හැසිරීම නිසා ගුවන් යානය ආපසු හරවා යළි ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළට ගොස් ඇතැයි ගුවන් තොටුපළ ආරංචි කියයි.
එම ගුවන් යානය සෙනසුරාදා රාත‍්‍රී 11.55 ට පමණ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත පැමිණිමට නියමිතව තිබුණ නමුත් එය පැමිණියේ පැය 11 ක් පමණ පමා වී බව ගුවන්තොටුපළ බලධාරියකු පැවසීය. අද (10) උදෑසන යානය නැවත පැමිණි අතර එය ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇත්තේ මලක්කා සමුද්‍ර සන්ධිය වටා පැය දෙකකට ආසන්න කාලයක් පියාසර කිරිමෙන් පසුව බවත් වාර්තාවේ.

