මැලේසියා යානය දූපතක ඇතැයි සැකයක්


අතුරුදන් වූ මැලේසියා යානය ඉන්දියන් සාගරයේ අප්‍රසිද්ධ දූපතකට ගොඩබැසවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පර්යේෂණ කණ්ඩායම්හි අවධානය යොමුවී ඇත.  ගුවන් නියමුවාගේ නිවසේ තිබී සොයාගත් නියමු කුටි ආකෘතියේ දත්ත විශ්ලේෂණය කරමින් යානයේ ඉරණම සම්බන්ධයෙන් සතියක් පුරා තොරතුරු සෙවූ පර්යේෂකයන් පවසන්නේ ඉන්දියන් සාගරයේ අප්‍රසිද්ධ දූපතක් සම්බන්ධ තොරතුරු කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.

මේ දත්ත සමාලෝචනය කිරීම දැන් ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයනයට භාර දී ඇත. එම ආයතනය දැනටමත් දත්ත විශ්ලේෂණය කිරීම සිදුකරමින් සිටියි. මැලේසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ මේ ආකෘතියේ පරිගණක දත්ත ගොනු පසුගිය පෙබරවාරි 03 දා මකා දමා ඇති බවයි.

ඔවුහු එහි දත්ත ගොනු නැවත සකස් කිරිමට කටයුතු කරමින් සිටිති. මේ දත්ත නියමුවා විසින් හිතා මතා මකා දැමුවේ ද නැතිනම් පරිගණකයේ දත්ත වැඩිවීම හේතුවෙන් මකා දැමුවේ ද යන්න පිළිබ
ද සොයා බලමින් සිටියි. ඉන්දියන් සාගරය මැද අප්‍රසිද්ධ දූපතක මේ යානය ගොඩබැස්සවිය හැකි ගුවන් ධාවන පථයක් තිබෙන බවට දත්ත ඔහුගේ නියමු කුටි ආකෘතියේ තිබි  හමුවී ඇත.

ඇමෙරිකාවේ නාවික හමුදා ක
දවුරක් පවත්වාගෙන යන දියෝගෝ ගාෂියා දූපතට යානය ගොඩබැස්සවීමේ හැකියාව ගැන ද පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබේ.

මැලේසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ නියමුවා නි‍ර්දෝෂී විය හැකි බවයි. එමෙන් ම ඔහු කිසිදු අපරාධයක් කිරීමට සිතා මතා සැලසුම් කරන්නට නැතැයි ද අමාත්‍යවරයා කියා ඇත. ඔහුගේ ඥාතීන් පරීක්ෂණ සදහා විශාල සහයක් දක්වමින් සිටින බව ද අමාත්‍යවරයාගේ මතයයි.

යානයේ නියමුවාගේ හොදම මිතුරා පවසා ඇත්තේ ඔහු මෙවැනි දෙයක් කරන්නට ඇත්තේ විනෝදයට බවයි. ''ඔහුගේ විනෝදාංශය පියාසර කිරීම. මෙහි කිසිම විශේෂත්වයක් නැහැ. ඔහු කොහේ හෝ පියාසර කරන්නට ඇති."