මැලියම් හොරුන්ගේ උපක්‍රමය වරදී


ගිරිඋල්ල පාරේ බඩල්ගම බෝට්ටු   කම්හලකින් රුපියල් පනස් දෙලක්ෂයක් වටිනා මැලියම් බැරල් 74ක් සොරකම් කළ සිව් දෙනෙක් හා මැලියම් තොගයෙන් කොටසක් අත්අඩංගුවට ගත් බව කොටදෙණියාව පොලීසිය කියයි.

කම්හල් සේවකයෙක් ද ඒ අතර වෙයි.

මෙම බැරල් තායිවානයේ නිෂ්පාදනය කළ බවට ව්‍යාජ ස්ටිකර් අලවා තුන්වැනි පාර්ශ්වයට විකුණා ඇතැයි පොලීසිය පවසයි.

කම්හලේ සමීප කැමරා පද්ධතිය අක්‍රීයකර සොරකම කර ඇතත් එහි දත්තවලින් හොරා අල්ලාගෙන ඇත.