.ආජන්ටිනාවේ හොසේ මාරියෝ බෙර්ගෝල්යෝ කාදිනල්තුමා පළමුවැනි ප‍්‍රැන්සිස් පාප්තුමා හැටියට පත්වීම පිළිබඳ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ඉමහත් සතුටට පත්වන බව ඉතාලියේ ශ්‍රී ලාංකීක ශ‍්‍රම සංක‍්‍රමනික අධ්‍යාත්මික උපදේශක නෙවිල් ජෝ පියතුමා රෝමයේ සිට ප‍්‍රකාශකර සිටී.
නව පාප්තුමාගේ මව සහ පියා ඉතාලියේ පියමොන්තේ ප‍්‍රාන්තයේ සිට අර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවරට සංක‍්‍රමිකයන් ලෙස පදිචියට ගියහ. පියා දුම්රිය සේවකයෙකි. පස්දෙනෙකුගෙන් යුත් දුප්පත් පවුලක ඉපදුණු හොසේ (ජොසේ)මාරියෝ බෙර්ගෝල්යෝ කාදිනල්තුමෝ, පළමුවැනිවරට ජේසු නිකායේ, ලතින් ඇමරිකා රටක, මෙන්ම යුරෝපීය නොවන රටකින්, මෙන්ම ප‍්‍රැන්සිස් යන නාමය යටතේ රෝමානු කතෝලික සභාවේ 266 වැනි පාප්තුමා ලෙස පත්වූහ
. මෙතුමා රසායන විද්‍යා උපාධිධාරයෙක්ද වේ. ඔහු තමන්ගේ ආහාර තමා විසින්ම සකසා ගන්නා ඉතා සරල ජීවිතයක් ගතකරන පූජකවරයෙකි.