අද දිනයේ පාප්තුමකු තෝරා ගැනීමට රෝමයේ සිස්ටයින් දෙව්මැදුරේ ඉතා රහසිගතව රැස්වන කාදිනල්වරුන් 115 දෙනාට නොහැකි වුවහොත් මැල්කම් කාදිනල් රංජිත් ශ්‍රී ලංකා අගරදගුරුතුමනට බෙහෙවින් වාසිදායක තත්ත්වයක් උදා වෙතියි ඉතාලි සංක්‍රමනිකයන් පිළිබඳ සම්බන්ධීකාරක නෙවිල් ජෝ මොන්සිංඤ්ඤෝර්තුමා ලංකාදීප එසැණ සමග පැවසීය.
පෙරදින ඡන්දයේදී මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් රහස් ඡන්දයෙන් තෙවැනි තැනට පත්වුණු බව ද එතුමෝ කීහ.