හොරණ, දඹර, කොස්වත්තේදී බඩට වෙඩි තබා ඝාතනය කළ හිටපු හමුදා සෙබළාගේ (34) ඝාතනයට සැකපිට සැකකරුවන් දෙදනකු හා ඔවුන්ට අනුබල දුන් තවත් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සෙබළා මිය යාමට පෙර රෝහලේදී පොලිසියට ලබාදුන් කටඋත්තරය අනුව වෙඩි තැබීයැයි සැකපිට දෙදෙනකු හා ඔවුන්ට නවාතැන්දී සැඟවී සිටීමට උදව් කළැයි තවත් අයකුද අත් අඩංගුවට ගෙන ඇති අතර හොරණ ප්‍රදේශයේ නිවසක ශබ්දවාහිනියක් තුළ සඟවා තිබූ ගිනි අවිය සොයා ගත් පොලිසිය එය සඟවා තැබීමට උපකාර කළ නිවෙස් හිමියාද අත් අඩංගුවට ගෙන ඇතැයි කියති.

