මැරිලත් ඉන්න නෑ : අලි කකුලෙනුත් බන්දේසි


මළ ඇතකුගේ පාද තුනක කොටස් හා ගෝනකුගේ අං තට්ටුවක් හුන්නස්ගිරිය සංචාරක නිකේතනයක තිබී සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ වාර්තාවක් ඔක්තෝබර් 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි තෙල්දෙණිය අධිකරණය හසලක වනජීවී කාර්යාලයට නියෝග කළේය.

පුටු, බන්දේසි ද ගෝන අං තට්ටුවක් ද එහි තිබී සොයාගත් බවත් සංචාරක නිකේතනය බාරකරු අධිකරණයට ඉදිරිපත් කළ බවත් කියති. සැකකරු ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

සංචාරකයන් ඇද ගැනීමට මෙවැනි දෑ කළත් පරිසරයට හා සතුන් කෙරෙහි ලැදි සංචාරකයෝ මෙවැනි දෑ හෙළා දකිතියි පරිසර සංවිධාන කියති.

1ecaea29-d3f1-4518-a34e-537be755a987 7c660bb4-6eb4-4154-920e-cfe31d2b7887 76e59cdf-7ff1-4b4c-b418-c50ce0eba9df 0928bd49-df1b-4f09-8f7a-71007665e597 d6c5f071-790a-422d-ad9c-ccb684214b58