
(අයි ආර් ඉන්දික)
සීයා හිනෙන් කියු මැණික් මුට්ටියක් ගැනිමට හතරවටේ බිත්ති බැඳ ඒ තුල වලක් හාරා නිදන් සෙවු පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයේ නිළධාරිහු පිරිසක් සමත්වුහ.
බුත්තල කරවිල කනත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු නිවසට යාබදව කාමරයක් මෙන් බිත්ති බැඳ එහි අඩි හයක පමණ ගැඹුරට වළක් හාරා ඇති අතර කිසිවකුටත් නෙපෙනෙන ලෙස මෙම වල ලෑලි අතුරා වසා දමා තිබි ඇත .
කොළඹ පුරාවිද්‍යා අධ්‍යක්ෂ කාර්යාලයට ලැබුනු දුරකථන ඇමතුමක් අනුව මෙම ස්ථානය පරික්ෂාවට ලක් කරන මෙම ඒකකයට තොරතුර ලබාදි ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වු නිළධාරින් නිවස ආශ්‍රිතව සිදුකළ පරික්ෂාවකදි මෙම කාමරය තුළ වසා දමා තිබු වළ හමුවී තිබේ පුජා බඩු, පහන් ,වළ හෑරිමට යොදාගත් උපකරණ සමග සැකකරු බුත්තල පොලිස්ථානයට ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්යෙන් වැඩිදුර පරික්ෂණ බුත්තල පොලිසිය සිදුකරයි.
.

