මැරයෝ රෝහලටත් පනිති


මැර පිරිසක් ආණමඩුව රෝහලට පැන තුවාලකරුවන් දෙදෙනකුට පහර දෙන්නට යද්දී තුවාලකරු බේරා ගැනීමට ඉදිරිපත්වූ සෞඛ්‍ය සේවකයෙක් තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි කියයි. මැරයන් අත කැපෙන අවි තිබූ බව පොලිසිය පවසයි. ගමේදී ඇතිවූ ආරවුලක් දුර දිග යාම මීට හේතුව බවත් එම පිරිස අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.