මැරයෝ බස් හිමියා පැහැර ගනිති


සීගිරියේ සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බසයක් දඹුල්ල එඩේරගලදී බලෙන් නැවැත්වූ පිරිසක් බසයේ හිමිකරු දමයන්ත ධනපාල මහතා අද අලුයම පැහැරගත් බව සීගිරිය පොලීසියට පැමිණිලි කර ඇත.

වෑන් රථ දෙකකින් ආ මැරයන් අත ලී පොලු හා යකඩ පොලු තුබූ බවත් කියති.

දින කිහිපයක සිට බස් හිමියාට දුරකතනයෙන් තර්ජන ලැබුණු බව ඥාතීහු පවසති.