කොළඹ වව්නියා පෞද්ගලික බසයකට මරදන්කඩවලදී අද අලුයම දෙනට පමණ මැර ප්‍රහාරයක් එල්ල විය.
යකඩ පොලු රැගත් මැරයෝ බසයට පහර දෙද්දී වීදුරු කැබලි වැදීමෙන් දහ දොළොස් දෙනෙක්ද තුවාල ලැබූහ.
ගමන් වාර පිළිබඳ අවුලක් මත මේ ප්‍රහාරය එල්ලවන්නට ඇතැයි කියන පොලීසිය මැරයෝ පැමිණි වාහනය ලුහුබැඳ ගොස් කලාවැවදී අත්අඩංගුවට ගත්තේය.
එහි සිටි එකොළොස්දෙනෙක් සමඟ යකඩ පොලු කිහිපයක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මැරයන් අතර බස් හිමියෙකු සහ ගෝල බාලයින්ද සිටි බව පොලීසිය කියයි.
මැරයන් පැමිණී බව කියන වෑන් රථය
බස් රථයේ සහයක මලින්ද දර්ශන