මැරයන් විපක්ෂ රැලිවලට ගහනවා : කරු ජයසූරිය මැරයන්ට ස්තුති කරයි


එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියයි.

‘‘රාජපක්ෂ රෙජීමය සහ එහි මැරයන් කරන වැඩ නිසා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට ජය ලැබෙනවා. ඒක නිසා අපි ඒ අයට ස්තූතිවන්ත වෙනවා. මිනිසුන්ට නිරුවත් කර පහර දෙනකොට පොලිසිය අත් දෙක බැඳගෙන බලන් හිටියා. මේවා කරන මැරයන්ට, තක්කඩින්ට, කුඩුකාරයන් කියන්න කැමතියි ලබන ජනවාරි 8 වැනිදයින් පස්සේ ඒවා ඉවරයි. සාමය, යුක්තිය, නීතිය, විනය යළි රටට උදා වෙනවා. ඒක කරන්නේ අපේ ජනතාව.

ඉන් පසු ප්‍රචණ්ඩ ක්‍රියාකරල, දූෂණ කරල මිනී මරල කිසිවකුට බේරිල යන්ඩ බැහැ.

ප්‍රචණ්ඩත්වයේ යෙදී ඉන්න අයට දඬුවම් නොලැබීමේ සහතිකයක් දැන් තියනවා. අලුත් යුගයක් රටට උදාවෙනවා මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ. ඒ සඳහා පෙළ ගැහෙන්න කියල අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.‘‘