මැරතන් සිසුවිය කාණුවක වැටී මිය යයි


හලාවත ආනන්ද ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් ධාවන තරඟයට සහභාගී වෙමින් සිටි කෞෂ්‍යල්‍යා පවිත්‍රානි (19) සිසුවිය  කාණුවක ඇද වැටී මිය ගිය බව පොලීසිය කියයි.

බිම ඇදවැටුණු ශිෂ්‍යාව ඒ මොහොතේම හලාවත රෝහලට රැගෙන ආවත් ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බව රෝහල් ආරංචි කියයි.