මැරකල්ලිය ආවේ යතුරු පැදි වලින්


එක්සත් ජාතික පක්ෂයේ වයඹ පළාත් සභා අපේක්ෂක අශෝක් ප්‍රියන්ත මහතාගේ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී යතුරුපැදි දෙකකින් ආ මැර කල්ලියක් එස්.එච්.එන්.සෙනෙවිරත්න නම් ප්‍රචාරක සහකරුවාගේ හිසට ද අත් පා වලට ද කඩු පහර එල්ලකළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි. තුවාල ලැබූ ප්‍රචාරක සහකරුවා කොළඹ ජාතික රෝහලට ගෙන ඒමේ සූදානමක් ඇතැයි ද දැනගන්නට තිබේ.